• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බැඳුම්කරය නිසා UGC ට රු. මි. 141 ක පාඩුවක්

23 June 2018
in දේශීය

බැදුම්කර වංචාව සදහා මුදල් සපයා ගැනීමට විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලෙන් (UPF) පමණක් නොව ‘විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදලින් ද, මුදල් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අනාවරණය කරයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ‘විශ්වවිද්‍යාල අරමුදල‘ විසින් බැදුම්කර මිල දී ගැනීම නිසා පමණක් පර්පචුවල් සමාගම වෙත ලැබී ඇති සෘජු ලාභය රු. මිලියන 141 කි. දුෂිත බැදුම්කර වංචාව සිදු කිරීම සදහා අවශ්‍ය මුදල් පර්පචුවල් සමාගම වෙත නොතිබූ බැවින්, ඉතා සුක්ෂම සහ සැලසුම් සහගත ලෙස ඒ සදහා විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදල් ඒ සදහා භාවිත කොට ඇත. ඒ සදහා යොදා ගත් අවම මුදල රු. මිලියන 880 ක් වුවත්, එය රු. මිලියන 1000 ඉක්මවිය හැකි බව අපගේ මුලික නිරීක්ෂණය යි.

මේ අතර, විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ ඉහළම නිලධාරීයෙකු ප්‍ර‍කාශ කළේ ‘විශ්වවිද්‍යා අරමුදලට සිදු වූ පාඩුව පියවා ගැනීම සදහා නඩු පැවරීමට‘ ලේඛන සකස් කරන බවයි. කොපමණ මුදලක් සම්බන්ධයෙන් නඩු පැවරීම සිදු කරන්නේ ද? යන ප්‍ර‍ශ්නයට ඔහු නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේ නැත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අවධාරණය කරන්නේ, සේවක අර්ථසාධක අරමුදල (ETF) ට සිදුව ඇති පාඩුවටත් වඩා වැඩි පාඩුවක් බැදුම්කර මගඩිය නිසා ‘විශ්වවිද්‍යාල අරමුදල්‘ සදහා සිදුව ඇති බවය. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිශ්චිතව තහවුරු කර ගෙන ඇත්තේ ”විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදලට පමණක් රු. මිලියන 141 ක පාඩුවක් සිදුව ඇත. එයට අමතරව, විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට (UPF) රු. මිලියන 5 ක පාඩුවක් සිදුව ඇත. (විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල් සම්බන්ධ පාඩුව මෙයට වැඩි බව අනුමාන කෙරේ.) එසේ තිබිය දී, විශ්වවිද්‍යල අරමුදල් සම්බන්ධයෙන් නඩු පැවරීමේ ලේඛන සකස් කිරීමට මෙම අනාවරණය සිදුවන තුරුම කටයුතු නොකළේ ඇයි ද පැහැදිලි කිරීම විශ්වවිද්‍යා ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමකි.

1978 අංක 18 දරණ විශ්වවිද්‍යාල පනතේ 89-96 වගන්ති යටතේ ‘විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලට‘ මුදල් ආයෝජනය කළ හැක. එහි ප්‍ර‍තිලාභි සාමාජික සංඛ්‍යාව 35,200 කි. (සටහන – වත්මන් සේවක සංඛ්‍යාව 15,000 ක නමුත්, මේ වන විට විශ්‍රාම ගොස් ඇති පිරිස ද එහි ප්‍ර‍තිලාභීන් වෙති). ‘විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදලේ‘ මුදල් බැදුම්කරවල ආයෝජනය කිරීමට ඇති නෛතික ප්‍ර‍තිපාදනය පැහැදිලි නැත.

බැදුම්කර කොමිෂන් සභාවේ දී හෙළි වූ කරනු අනුව බැදුම්කර වංචාවට පෙර දින ‘උදෑසන ආහාරවේළ සහිත රැස්වීමේ දී‘ කරුණු සාකච්ඡා කෙරී ඇති බව අනාවරණය විය. එම අවස්ථාවේ දී, විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වූ අතර, එවකට එහි අමාත්‍යවරයා වූයේ කබීර් හෂීම් ය. කෙසේ නමුත්, බැදුම්කර කොමිසමේ දී කබීර් හෂිම් මහතාගෙන් මේ පිළිබද නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍ර‍ශ්න කළේ නැත.

මෙම කාලවකවානුවේ දී ම, විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ එවකට සභාපති මහාචාර්ය හිරිඹුරේගම මහතා ඉවත් කිරීමට රජය උත්සහ කළේය. ඒ සම්බන්ධයෙන් එවකට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වූ මහාචාර්ය රජීව විජේසිංහ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ සහ කබීර් හෂිම් සමග ගැටුමක් ඇති විය. ‘යහපාලන රජය බිද දැමීම සදහා‘ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කිරීම සදහා පැමිණි පිරිස අතර 2015 පාර්ලිමේන්තුවට පත් නොවූ එකම මන්ත්‍රීවරයා වූයේ රජීව විජේසිංහ මහතා ය.

මෙම ලිපිය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා 2018 ජූනි 23 දින මාධ්‍ය වෙත යොමු කළ ලිපියකි.

Post Views: 8
Previous Post

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා” ණය යෝජනා ක‍්‍රමය එළිදක්වයි

Next Post

මංගල කලබල වෙලා – විමල් කියයි

editor

editor

Next Post

මංගල කලබල වෙලා - විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved