සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ ඉදිරි පරිපාලන කටයුතු වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
කෙසේ වෙතත්, මහාචාර්ය සුනිල් ශාන්ත මහතා මෙම ධූරයෙන් ඉවත් කිරීමට බලපෑ නිශ්චිත හේතුව පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව වාර්තා වේ.

















