විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා අයදුම් කර ඇති සිසුන් 92,043 දෙනා වෙත ඉතා වැදගත් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු (Z-Score cut-off marks) ලබන අගෝස්තු මස පළමු සතිය තුළ නිකුත් කිරීමට නියමිත බව කොමිෂන් සභාව පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කළ සිසුන්ට සිය ප්‍රතිඵල සහ තෝරාගනු ලබන පාඨමාලා අනුව තමන්ට හිමිවන ස්ථානය පිළිබඳව මෙම කඩඉම් ලකුණු නිකුත් කිරීමෙන් පසු නිවැරදි අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත.
















