පසුගියදා පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු (Cut-off Marks) ලබන මාසයේ මුල් සතිය තුළ නිකුත් කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) නිවේදනය කර ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති මහාචාර්ය වසන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේ, මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් 92,043ක් ලැබී ඇති අතර, ඉන් සිසුන් 42,937 දෙනෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි වනු ඇති බවයි.
මීට අමතරව, නව උපාධි පාඨමාලා කිහිපයක් ද විෂය මාලාවට හඳුන්වා දීමට කටයුතු සූදානම් කර ඇති බව කොමිෂන් සභාව පවසයි. සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මහාචාර්ය ලියනගේ මහතා තහවුරු කළේය.
















