උහන ප්‍රදේශයේ ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක නාමල් රාජපක්ෂට පොලිසියේ නිලධාරීන් උණුසුම් පිළිගැනීමක් ලබාදීම සහ සැලූට් (Salute) ආචාරය සිදුකිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිවී තිබේ.
මෙම සිදුවීමත් සමඟ මහජනතාව අතරින් නැඟෙන ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ, දේශපාලනඥයන් සඳහා එක් නීතියක් සහ සාමාන්‍ය පුරවැසියන් සඳහා තවත් නීතියක් රට තුළ ක්‍රියාත්මක වන්නේද යන්නයි. “සාමාන්‍ය පුරවැසියන්ට පොලිසියෙන් මෙහෙම කරන්න පුළුවන්ද?” යන පැනය මේ වන විට සමාජ මාධ්‍ය තුළ වඩාත් වේගයෙන් සංසරණය වෙමින් පවතී.නීතියේ ආධිපත්‍යයට සහ පොලිස් සේවයේ ස්වාධීනත්වයට බරපතළ හානියක් බව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන පිරිස් පෙන්වා දෙති. එමෙන්ම, පොලිසිය විසින් සිදුකළ මෙම ක්‍රියාව ‘රාජකාරිමය ගෞරව දැක්වීමක්ද’ නැතහොත් එය ‘දේශපාලන සේවයක්ද’ යන්න පිළිබඳව ද විවිධ පාර්ශ්ව ප්‍රශ්න කර සිටී.. සමාජ මාධ්‍ය වේදිකාවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා අවධාරණය කරන්නේ, රටේ නීතිය දේශපාලන බලපෑම්වලින් තොරව සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බවයි.
















