කෘත්රිම බුද්ධිය (AI) ආශ්රිත ජෛව හා ආරක්ෂක තර්ජනවලට මුහුණ දීමේ අරමුණින් එක්සත් රාජධානිය පවුම් මිලියන 600ක පමණ, එනම් ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ අරමුදලක් ප්රකාශයට පත් කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මෙම අරමුදලේ වැඩි කොටසක් ජෛව ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා යොදා ගැනීමට නියමිත බවයි.
ඒ අනුව, AI භාවිතයෙන් ජෛව තර්ජන හඳුනාගැනීම සඳහා රසායනාගාරයක් පිහිටුවීමට පවුම් මිලියන 100ක් සහ රෝගකාරකවලට එරෙහි ප්රතිචාර ක්රමවේද සංවර්ධනය සඳහා පවුම් මිලියන 65ක් වෙන් කිරීමට සැලසුම් කර ඇත.
එරට පවතින AI Security Institute ආයතනයට අමතරව පවුම් මිලියන 120ක් ලබාදීමට ද රජය සැලසුම් කර තිබේ. තීරණාත්මක යටිතල පහසුකම් සහ ආර්ථිකයේ සයිබර් ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්යාපෘති සඳහා තවත් පවුම් මිලියන 130ක් වෙන් කෙරේ.
මීට අමතරව, රොබෝ තාක්ෂණය, ස්වයංක්රීය පද්ධති සහ නිෂ්පාදන ක්ෂේත්රවල AI භාවිත කරන බ්රිතාන්ය සමාගම්වල ආයෝජනය සඳහා පවුම් මිලියන 60ක අරමුදලක් ද සැලසුම් කර ඇත.
OpenAI සහ Anthropic සමාගම් ජෛව ආරක්ෂක වැඩසටහන සඳහා පවුම් මිලියන 200ක් දක්වා වටිනා AI මාදිලි භාවිත ණය (model credits) ලබාදීමට ඉදිරිපත් වී ඇති බව ද වාර්තාවේ සඳහන් වේ. Google DeepMind සහ Basecamp Research සමාගම් ද ඊට සහාය ලබාදීමට නියමිතය.















