රුසියාවට පනවා ඇති සම්බාධක මගහැරීම සඳහා භාවිතා කරන බවට හඳුනාගත් රුසියානු ආශ්‍රිත ගුප්තකේතන මුදල් (Cryptocurrency) වේදිකා, බැංකු සහ මූල්‍ය ජාල ඉලක්ක කරමින් බ්‍රිතාන්‍යය අද (26) නව සම්බාධක පනවා තිබේ.
මෙම පියවර මගින් අදාළ ආයතනවල වත්කම් තහනම් කර ඇති අතර, බ්‍රිතාන්‍ය සමාගම්වලට එම ආයතන හරහා ගෙවීම් සිදු කිරීම හෝ ඔවුන් සමඟ බැංකු සබඳතා පවත්වා ගැනීම තහනම් කර ඇත. ලන්ඩනය මෙම පියවර ගෙන ඇත්තේ රුසියාවේ යුධ ආර්ථිකයට සහාය වන “සෙවනැලි මූල්‍ය පද්ධති” (Shadow financial systems) බිඳ දැමීමේ අරමුණෙනි.ක්‍රෙම්ලිනය විසින් අනුග්‍රහය දක්වන ‘A7’ ජාලය ඉලක්ක කර ඇති අතර, එය අරමුදල් හුවමාරු කිරීමට සහ සම්බාධක මගහැරීමට භාවිතා කරන බව බ්‍රිතාන්‍යය පවසයි.රුසියාව කේන්ද්‍ර කරගත් ගුප්තකේතන හුවමාරු වේදිකා, කිර්ගිස්ථානයේ බැංකුවක්, සහ ජෝර්ජියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල ලියාපදිංචි වී ඇති ආයතන රැසක් මෙයට ඇතුළත් වේ.මොස්කව්හි යුක්‍රේන ආක්‍රමණයට ඉන්ධන සපයන ගෙවීම් මාර්ග හඳුනාගෙන ඒවා අක්‍රිය කරන බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ඉවට් කූපර් (Yvette Cooper) මහත්මිය ප්‍රකාශ කළාය.රුසියාවේ ආක්‍රමණශීලී ක්‍රියාවන්ට සහාය වන ජාලයන් හෙළිදරව් කර, ඒවා කඩාකප්පල් කර, අදාළ පාර්ශවයන්ට එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වන බව බ්‍රිතාන්‍ය රජය අවධාරණය කරයි.
















