බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල ඉදිරි දින තුන තුළ පවතින තද සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.මෙම කාලසීමාව තුළ සුළං වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර පවතින අතර, විටින් විට එය පැයට කිලෝමීටර් 60ක් දක්වා වැඩි විය හැක. එමගින් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු වනු ඇත.සමහර අවස්ථාවලදී සුළං වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි අතර, එය පැයට කිලෝමීටර් 70ක් දක්වා වැඩි වීමේ හැකියාවක් ද පවතී. එම තත්ත්වය තුළ මුහුදු ප්‍රදේශ ඉතා රළු වනු ඇත.මේ හේතුවෙන්, ධීවර සහ නාවික කටයුතුවල නිරත වන සියලුම දෙනා ප්‍රවේශම් වන ලෙසත් අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටී.














