27 April 2024
#දේශීය

එක්සත් රාජධානිය සඳහා සංචාරක සීමා ඉවත් කරයි – විදේශ අමාත්‍යාංශය

එක්සත් රාජධානියේ නව කොවිඩ්-19 ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාර සඳහා රජය විසින් හඳුන්වා දී තිබූ තාවකාලික සංචාරක තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී, සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කරනු ලබන දින 14 ක නිරෝධායනය හා PCR පරීක්ෂණවලට භාජනය වීමේ පදනම මත මෙසේ එක්සත් රාජධානියේ සිට පැමිණෙන සංචාර සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට තීරණය වී ඇත.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ යටතේ, එක්සත් රාජධානියේ සිට සංචාරකයින්ගේ පැමිණීම ද නැවත ආරම්භ වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *