බ්‍රිතාන්‍ය රජය විසින් යෞවනයන්ගේ නින්ද සහ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ අරමුණින් නව සමාජ මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සූදානම් වේ. ඒ අනුව, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කෙරෙන අතර, වයස අවුරුදු 16ත් 17ත් අතර පසුවන්නන් සඳහා මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වන ‘සමාජ මාධ්‍ය ඇඳිරි නීතියක්’ 2027 වසරේ සිට පැනවීමට නියමිතය.
මෙම පියවර ගනු ලබන්නේ යෞවනයන්ගේ මානසික යහපැවැත්ම ඉහළ නැංවීමේ අරමුණින් වුවද, මීට පෙර ඕස්ට්‍රේලියාවේදී වයස් සත්‍යාපනය කිරීමේ තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙවැනි තහනම් ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ අභියෝග පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.
එසේ වුවද, සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් බාලවයස්කරුවන්ගේ මානසිකත්වයට හානි සිදුවූ බවට ඇමරිකාවේදී ගොනු කර තිබූ නඩුවක් පසුගිය මාසයේදී ගූගල් සහ ටික්ටොක් සමාගම් විසින් සමථයකට පත් කරගැනීම, මෙම ගෝලීය කනස්සල්ල තවදුරටත් තහවුරු කරන්නක් බව වාර්තා වේ.














