විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තම සහයෝගය දැක්වීම සඳහා එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික නීතිඥවරුන් සහ බැරිස්ටර්වරුන් විශාල ප්‍රමාණයක් 2026 අගෝස්තු මස 3 වන දින රැස් වී තිබෙනවා.
එක්සත් රාජධානියේ දිගු කලක් වාසය කරමින් නීති ක්ෂේත්‍රයේ සේවය කරන නීති විශාරදයන්, නීතිඥවරුන් සහ බැරිස්ටර්වරුන් විසින් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තම අදහස් සහ විශ්ලේෂණ මෙහිදී ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින නීතිමය හා අධිකරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදයට සමගාමීව පැවති මෙම සාකච්ඡාවේදී, අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, එහි කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ ජනතාවට කඩිනම් යුක්තිය ලබාදීම පිළිබඳව ද ඔවුන් අදහස් හුවමාරු කරගෙන තිබේ.














