රුසියානු හමුදාව සම්පූර්ණයෙන්ම බිඳවැටීමකට ලක් කරමින් “රුසියාව තව තවත් ගිනිබත් කිරීම” සඳහා (Russia burn even more) වහාම ඇමරිකානු ඩොලර් බිලියන 20ක හදිසි මූල්‍ය ආධාර ලබාදෙන ලෙස යුක්රේනය ජාත්‍යන්තරයෙන් විවෘත ඉල්ලීමක් කර තිබේ.
යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ (Volodymyr Zelensky) ප්‍රමුඛත්වයෙන් යුත් රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම පෙන්වා දෙන්නේ ගුවන් ආරක්ෂණ පද්ධති (Air defense), ඩ්‍රෝන යානා, පතොරම් සහ දිගු දුර ප්‍රහාරක මිසයිල (Long-range strikes) කඩිනමින් මිලදී ගැනීම සඳහා මෙම මුදල් අත්‍යවශ්‍ය වී ඇති බවයි. දැඩි ශීත ඍතුව (Winter) උදාවී යුද පෙරමුණේ මෙහෙයුම් අඩාල වීමට පෙර, දැනටමත් පසුබෑමට ලක්ව සිටින රුසියානු ආරක්ෂක වළලු මුළුමනින්ම සුනුවිසුනු කර දැමීම යුක්රේනයේ අරමුණ වී ඇත.
“රුසියාව මේ වන විටත් දැවෙමින් පවතින බව මුළු ලෝකයම දකිනවා. අපිට අවශ්‍ය එය තව තවත් ගිනිබත් කරන්නයි” යනුවෙන් යුක්රේන පාර්ශවය ප්‍රකාශ කර ඇති අතර, තවත් බිහිසුණු ශීත ඍතුවක් පුරා යුද්ධය ඇදී යාමට ඉඩ දෙනවාට වඩා ඩොලර් බිලියන 20ක් වැය කර යුද්ධය නිමා කිරීම ලෝකයට බෙහෙවින් ලාභදායී වනු ඇතැයි ද ඔවුන් පෙන්වා දෙයි.















