27 April 2024
#දේශීය

උකුවෙල පිරිවෙන් පුස්තකාලය ආරම්භ කරයි

උකුවෙල – පුරිජ්ජල ශ්‍රී ධම්මසිද්ධ්‍යාරාම ශ්‍රි සංඝබෝධි පිරිවෙනෙහි ඉගෙනුම ලබන ගිහි පැවිදි ශිෂ්‍යයින් සඳහා පුස්තකාල පරිශ්‍රයක් ස්ථාපනය කිරීම පසුගිය දා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිලිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයේ සිදු විය.

කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය මගින් මේ සදහා ප්‍රතිපාදන ලබා දි තිබුණි.

මෙම අවස්ථාව සදහා ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී උකුවෙල පංසලාතැන්න අනුරුද්ධ ආරණාධිපති, මුගුණවෙල අනුරුද්ධ නායක හිමිපාණන්, මාතලේ දිස්ත්‍රික් පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ, උකුවෙල පුරිජ්ජල ශ්‍රී ධම්මසිද්ධ්‍යාරාමාධීපති මාවුස්සාවේ අග්ගධම්ම නාහිමිපාණන් වහන්සේ ඇතුළු උකුවෙල පුරිජ්ජල ශ්‍රි සංඝබෝධී පිරිවෙනෙහි මහා සංඝරත්නය ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිශාන්ති ජයසිංහ, අධ්‍යක්ෂ ජනරාල්(රන්මිණිතැන්න වැඩබලන) සෝමසිරි ඒකනායක, කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත්, අධ්‍යක්ෂ එම්.පී.ඩබ්. ශිරෝමනී, උප සභාපති නලින්ද මාකෙහෙල්වල, නියෝජ්‍ය අධ්‍යක්ෂ සුමිත් ප්‍රනාන්දු ඇතුළු ආයතන නිලධාරීන් එක්වී සිටියා.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *