අක්කර 2,000කට පමණ දියවර සපයන උමා ඇළ සංවර්ධන ව්‍යාපෘතිය මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ. එම ව්‍යාපෘතිය සඳහා රජය විසින් රුපියල් මිලියන 228ක මුදලක් වෙන් කර ඇති අතර, වී වගාවට මෙන්ම අර්තාපල් සහ උඩරට එළවළු වගාව සඳහා ද අවශ්‍ය ජලය සැපයීම මෙමගින් සිදු කෙරේ.
උවපරණගම ප්‍රදේශයේ ප්‍රධානතම වාරිමාර්ග ව්‍යාපෘතියක් වන උමා ඇළ, දිට්වා සුළි කුණාටුවේ බලපෑම මෙන්ම දීර්ඝ කාලයක් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ස්ථාන රැසකින් අබලන් වී තිබුණි. ඒ හේතුවෙන් ඇළ මාර්ගයේ ජලය ගලායාමට ද බලපෑම් එල්ල වී තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මේ වනවිට ඇළ මාර්ගයේ අබලන් වූ ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු සංවර්ධන කටයුතු සිදු කෙරෙන අතර, ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින බව සඳහන් වේ.
















