ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) නිසි බලපත්‍රයක් නොමැතිව, මහජන සෞඛ්‍යය අනතුරේ හෙළමින් පවත්වාගෙන ගිය ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ටින් මාළු නිෂ්පාදන කර්මාන්තශාලාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලනු ලැබ තිබේ. එහිදී රහසිගතව නිෂ්පාදනය කරන ලද ප්‍රමිතියෙන් තොර ටින් මාළු ඇසුරුම් විශාල තොගයක් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර ආයතනයට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු සූදානම් කර ඇත.
ටින් මාළු ඇතුළු ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී SLSI අනුමැතිය සහ ලේබල් තොරතුරු පිළිබඳව දැඩිව සැලකිලිමත් වන ලෙස මහජනතාවට දැනුම් දෙන පාරිභෝගික අධිකාරිය, මෙවැනි නීතිවිරෝධී ව්‍යාපාර පිළිබඳ තොරතුරු ඇත්නම් 1977 කෙටි දුරකතන අංකය ඔස්සේ වහාම තමන්ට දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටියි.
















