• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් 19 පාලනයේදී සෞඛ්‍ය සේවයේ සියලු දෙනා දම්වැළක පුරුක් මෙන් එකට සිටිය යුතුයි – රාජ්‍ය ඇමැති සුදර්ශනි

17 December 2020
in දේශීය

කොවිඩ් 19 වසංගත රෝගය මැඩපැවැත්වීම සදහා සෞඛ්‍ය අංශයේ සියලු දෙනා දම්වැළක පුරුක් මෙන් එකට සිට කටයුතු කිරීම වැදගත්වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කලේ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති නායකයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.

කොවිඩ් 19 දෙවැනි රැල්ල පාලනයේදී බිම් මට්ටමේ පවතින සම්බන්ධීකරණ ගැටළු සහගත තැන් පිළිබදවත් කොවිඩ් 19 පිළිබදව ජනතාවගේ අවධානය ගිලිහීයාම පිළිබදවත් වෘත්තීය සමිති නායකයින් විසින් රාජ්‍ය අමාත්‍යවරියගේ අවධානයට යොමුකල අතර රාජකාරී ඉටුකිරීමේදී තමන්ට මුහුණ පෑමට ඇති ගැටළු සහගත තැන් පිළිබදව රාජ්‍ය අමාත්‍යවරියගේ අවධානය යොමුකල වෘත්තීය සමිති නායකයින් මෙහිදී කියා සිටියේ දුෂ්කරතා මධ්‍යයේ වුවද සිය සංගම්වල සාමාජිකයින් සේවයට කැපවී සිටින බවයි.

වසංගත රෝග තත්වය පාලනය කිරීමට කැපවී සිටින සෞඛ්‍ය සේවයේ සුව විරුවන්ගේ ආරක්ෂාව පිළිබදව විශේෂයෙන් අවධානය යොමුකල යුතු බව සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය ඒ සදහා වැඩපිළිවෙළක් සැකසීම කෙරෙහි අවධානය යොමුකරන බව මෙහිදී සිහිපත් කළාය.

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ, වෛද්‍ය පර්යේෂණාගාර කාර්මික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු රජයේ සෞඛ්‍ය ගිලන්රථ ප්‍රවාහන රියදුරන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.ඩී විජේසිංහ ඇතුළු වෘත්තීය සංගම් නායකයින් පිරිසක් එක්වූහ.

 

Post Views: 4
Previous Post

කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දීමට නව මධ්‍යස්ථාන ඉදිකෙරේ

Next Post

මෙරට කොරෝනා ආසාදිතයින් 35,387 දක්වා ඉහළට

editor

editor

Next Post

මෙරට කොරෝනා ආසාදිතයින් 35,387 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved