• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට UNDP තාක්ෂණික සහය හිමිවෙයි

24 January 2024
in දේශීය, පුවත්
මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට UNDP තාක්ෂණික සහය හිමිවෙයි

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් (UNDP) තාක්ෂණික සහය ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නියෝජිතවරිය වන අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර විශේෂ හමුවක් අද (24) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණය වෙනුවෙන් නවීන තාක්ෂණය යොදා ගැනීම පිලිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ගැනිණ.

මෙරට ඩෙංගු මදුරු ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් ඩෙංගු මදුරු මර්දනය, ඩෙංගු කීටයන් හා මදුරුවන් බෝ වන ස්ථාන හදුනා ගැනීම, මදුරු ව්‍යාප්තිය පිළිබද අවශ්‍ය හදුනා ගැනීම, වැනි කරුණු සදහා නවීන තාක්ෂණය භාවිතා කිරීම මෙන්ම ඊට අවශ්‍ය උපකරණ, නවීන තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම සදහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී  අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මියගෙන් ඉලීමක් කර සිටියේය.

මෙරට වැඩිහිටි ජනගහනය හා ආබාධිත පුද්ලයන්ගේ ප්‍රතිකාර සේවාවන් වෙනුවෙන් සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමභාවය හා කඩිනම්භාවය තවත් ඉහල නැංවීමට නවීන තාක්ෂණය භාවිතා කිරීම පිලිබදව මෙන්ම, ඖෂධ හා වෛද්‍ය උපකරණ සැපයුම් සදහා නවීන තාක්ෂණය යොදා ගනිමින් එම සැපයුම් කඩිනම් කිරීමේ ක්‍රමවේද පිලිබදවත් මෙහිදී සාකච්ජා කලේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිලිබද මනා දැක්මක්, දැනුම්ක් ඇති අමාත්‍යවරයකු සෞඛ්‍ය අමාත්‍යංශයට නායකත්වය ලබා දීම පිලිබදව තමන් සතුටට පත්වන බවත්, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් අමාත්‍යවරයා විසින් කල ඉල්ලීම් වෙනුවෙන් අවශ්‍යය සහය ලබා දීමට නොපැකිලිව කටයුතු කරන බව අසූසා කුබෝටා මහත්මිය මෙහිදී අවධාරණය කලාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) , ආසියානු සංවර්ධන බැංකුව (ADB), ඒඩ්ස් ,ක්ෂයරෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීමේ ගෝලීය අරමුදල ( GFATM) වැනි සංවිධාන,ආයතන සමඟ සම්බන්ධ වී කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියක නිරත වෙමින් ඊට අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කරන බවද නියෝජිතවරිය වැඩිදුරටත් සදහන් කලාය.

මීට අදාලව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාල අංශ සමඟ නිරතුරුව සම්බන්ධ වී අවශ්‍ය සම්භන්ධීකරනය කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රදානයන් හා ජාත්‍යන්තර සබදතා පිළිබද සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතාට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශය අවස්ථාවන් වලදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ලබා දුන් දායකත්වය සිහිපත් කල අමාත්‍යවරයා ඉදිරියටත් එම වැඩසටහනේ සහය අපේක්ෂා කර සිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන කාර්යභාර්ය ඉටුකරන යාන්ත්‍රණයයි. රටවල් හා කලාප 177 ක කටයුතු කරන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන දශක 6 ක් පුරා ශ්‍රී ලංකාවේ සේවාවන් ඉටු කරයි.

මෙම සාකච්ජාමය අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නියෝජනය කරමින් ඒකාබද්ධ කළමනාකරණ කණ්ඩායමේ කණ්ඩායම් නායක Fadhil Bakeer Markar, ආර්ථික විශේෂඥ Dr. Vagisha Gunasekara යන මහත්ම මහත්මින්ද සහභාගී වුහ.

Post Views: 215
Previous Post

අරුවක්කාලු කසල ව්‍යාපෘතියේ වැඩ මාර්තු මස වනවිට අවසන් කරනවා – අමාත්‍ය ප්‍රසන්න

Next Post

කොළඹ වරායේ මේ වන විට නැව් පැමිණිමේ ප්‍රතිශතය 68% කින් ඉහලට

editor ttvnews

editor ttvnews

Next Post
කොළඹ වරායේ මේ වන විට නැව් පැමිණිමේ ප්‍රතිශතය 68% කින් ඉහලට

කොළඹ වරායේ මේ වන විට නැව් පැමිණිමේ ප්‍රතිශතය 68% කින් ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved