ගාල්ල පොලිස් වසමේ, සමනළ පාලම ආසන්න ප්‍රදේශයේදී ඊයේ (09) නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් තහවුරු වී නොමැත.
පොලිසිය විසින් ලබා දී ඇති විස්තරවලට අනුව, මරණකරු වයස අවුරුදු 70ක් පමණ වන, අඩි 05ක් සහ අඟල් 02ක් පමණ උසැති, තලෙළු පැහැති සිරුරක් හිමි පුද්ගලයෙකි. ඔහු උඩුකය නිරුවත්ව සිට ඇති අතර, යටිකයට සුදු පැහැති කලිසමක් ඇඳ සිට ඇත.
මෙම මරණයට හේතුව හෝ මියගිය පුද්ගලයා පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ගාල්ල පොලිසිය මේ වන විට පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.
















