ගෝලීය ඉන්ධන මිලෙහි හදිසි ඉහළ යාමක් සිදු වුවද, ශක්තිමත් ගුවන් ගමන් ඉල්ලුම සහ ගුවන් ටිකට් පත් මිල ඉහළ දැමීම මගින් එම අලාභය පියවා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරමින්, යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගම සිය 2026 වසරේ අපේක්ෂිත ලාභය පෙර පුරෝකථනය කළ ඉහළම අගයේ පවත්වා ගැනීමට අපේක්ෂා කරයි.
සමාගමේ තෙවන කාර්තුවේ ලාභය පිළිබඳ පුරෝකථනයන් විශ්ලේෂකයින්ගේ අපේක්ෂාවන්ට වඩා පහළ මට්ටමක පැවතියද, සමාගම සිය වාර්ෂික සකස් කළ කොටසකට ලැබෙන ඉපැයීම් (EPS) අමෙරිකානු ඩොලර් 9 සිට 11 දක්වා වන පෙර පරාසයේ ඉහළම අගයේ පවතිනු ඇතැයි ගණන් බලා ඇත. අමෙරිකා – ඉරාන උණුසුම් තත්ත්වය හේතුවෙන් පසුගිය සති දෙක තුළ පමණක් සමාගමේ ඉන්ධන වියදම ඩොලර් මිලියන 575කින් ඉහළ ගොස් ඇතත්, තම ගුවන් සේවා සඳහා පවතින ඉහළ මිල ගණන් තීරණය කිරීමේ හැකියාව (pricing power) හරහා එම බලපෑම අවම කර ගැනීමට හැකි බව සමාගම පවසයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















