• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

අධ්‍යාපනයේ නිපුනතා සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය

28 August 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අධ්‍යාපන පද්ධතිය තුළ නිපුනතා සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා දීමට කැමැත්ත පල කල බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පසුගිය දා 26 වනදා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට සම්බන්ධීකාරිකා හැනා සිංගර් (Hanna Singer) මහත්මිය ප්‍රමුඛ එම සංවිධානයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙරට වෘත්තීය පුහුණුව සඳහා ඇති අවස්ථා සම්බන්ධයෙන් පවත්නා ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමේ හදිසි අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

වෘත්තීය පුහුණු ආයතනවලට පිවිසීමේ මාර්ග සහ හැකියාවන් ශක්තිමත් කිරීමටත්, විවිධාංගීකරණය වූ කර්මාන්ත පදනමක් ඇතිකිරීමටත් අමාත්‍යාංශය දැඩි සැලසුම්කරණයක යෙදී සිටින බව ද පැවසූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය සහ කාර්මික හා අධ්‍යාපන පුහුණු දෙපාර්තමේන්තුව එවැනි ආයතන සඳහා නිදසුන් ලෙස පෙන්වා දුන්නේ ය.

දැනට සෑම පළාතක් ම නියෝජනය කරමින් ක්‍රියාත්මක ව පවත්නා තාක්‍ෂණ විද්‍යාල තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ද, යුනිවොටෙක් (UNIVOTEC) ඒ අතර ප්‍රමුඛ වන බව ද අමාත්‍යවරයා පැවසීය.

සාමාන්‍ය, උසස්, තෘතීයික, තාක්‍ෂණික හා වෘත්තීය අධ්‍යාපන ක්‍රම අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම ප්‍රධාන අභියෝගය බවත්, මෙම අංශයන්හි පුහුණුකරුවන් පුහුණු කිරීම සහ කුසලතා සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය පළ කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පෝෂණය සහ ඒ ආශ්‍රිත කරුණු සඳහා යුනිසෙෆ් ආයතනයට ලබාදිය හැකි දායකත්වය සම්බන්ධයෙන් ද මෙහිදී විස්තරාත්මකව සාකච්ඡා කෙරිණි. ඉදිරි මාස තුන ඇතුළත ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ අරමුණින් අමාත්‍යාංශ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයන් අතර සාකච්ඡා අඛණ්ඩ ව පවත්වාගෙන යාමට ද මෙහි දී තීරණය විය.

උසස් අධ්‍යාපනය සඳහා අ.පො.ස උසස් පෙළ සාමාර්ථ වී වරම් ලැබුව ද රාජ්‍ය විශ්වවිද්‍යාලවලට තවමත් ඇතුළු වන්නේ 30,000කට ආසන්න පිරිසක් වීම, පවතින පාඨමාලා සහ රැකියා වෙළඳ පොළ අතර සම්බන්ධයක් නොමැති වීම,සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, තෘතීය අධ්‍යාපනය මෙන් ම වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍ර අතර සම්බන්ධතා පුළුල් කිරීම, විශ්වවිද්‍යාල පාඨමාලා නවීකරණය නොවීම, පුහුණු කරවන්නන් පුහුණු කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම ආදී ගැටළු සම්බන්ධයෙන් ද මෙහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අතිරේක ලේකම් (සංවර්ධන ) තිලක් හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ (සැලසුම්) ජී.එම්.ආර්.ඩී අපොන්සු මහතා ඇතුළු පිරිසක් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) , එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ (UNDP) ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) යන ජාත්‍යන්තර ආයතනයන්හි ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධිකාරිකා වන Hanaa Singer, (UN Resident Coordinator), Takaho Fukami (UNICEF-Chief of education), Simrin Singh (Country Director-ILO), ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

19 විතරක් නෙමෙයි මුළු ව්‍යවස්ථාවම වෙනස් කල යුතුයි – ඇමැති නිමල් කියයි

Next Post

යහපාලනය සමයේ රජයේ බැංකුවල අක්‍රමිකතා දැනුම් දෙන්න – මුදල් අමාත්‍යංශය

editor

editor

Next Post

යහපාලනය සමයේ රජයේ බැංකුවල අක්‍රමිකතා දැනුම් දෙන්න - මුදල් අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ මරණවලින්  සියයට 6 කට හේතුව  ඇදුම රෝගය බව හෙළි වෙයි

ශ්‍රී ලංකාවේ මරණවලින් සියයට 6 කට හේතුව ඇදුම රෝගය බව හෙළි වෙයි

15 May 2026
මූල්‍ය සේවා සම්බන්ධ  පැමිණිලි සඳහා  මහ බැංකුවෙන්  නව මාර්ගගත පද්ධතියක්

මූල්‍ය සේවා සම්බන්ධ පැමිණිලි සඳහා මහ බැංකුවෙන් නව මාර්ගගත පද්ධතියක්

15 May 2026
ෂොපින් මලු සඳහා අයකරන  බදු මුදල් පරිසර අරමුදලට  බැර කරන ලෙස ඉල්ලා  ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ෂොපින් මලු සඳහා අයකරන බදු මුදල් පරිසර අරමුදලට බැර කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

15 May 2026
ගණේමුල්ල සංජීව ඝාතනයට  ගිනි අවිය දුන්නේ ඔස්මන් බව  CCDය අධිකරණයට දන්වයි

ගණේමුල්ල සංජීව ඝාතනයට ගිනි අවිය දුන්නේ ඔස්මන් බව CCDය අධිකරණයට දන්වයි

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා ව්‍යසනයෙන් හානි වූ  කොලොන්නාවේ තවත් 756 කට  නිවාස වන්දි ප්‍රදානය කෙරේ

දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ තවත් 756 කට නිවාස වන්දි ප්‍රදානය කෙරේ

15 May 2026
දරුවන් එළවළු ආහාරයට  හුරු කිරීම ගර්භාෂය තුළ සිටින අවධියේදීම ආරම්භ කළ හැකි බව හෙළි වෙයි

දරුවන් එළවළු ආහාරයට හුරු කිරීම ගර්භාෂය තුළ සිටින අවධියේදීම ආරම්භ කළ හැකි බව හෙළි වෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved