• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

අධ්‍යාපනයේ නිපුනතා සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය

28 August 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අධ්‍යාපන පද්ධතිය තුළ නිපුනතා සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා දීමට කැමැත්ත පල කල බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පසුගිය දා 26 වනදා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට සම්බන්ධීකාරිකා හැනා සිංගර් (Hanna Singer) මහත්මිය ප්‍රමුඛ එම සංවිධානයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙරට වෘත්තීය පුහුණුව සඳහා ඇති අවස්ථා සම්බන්ධයෙන් පවත්නා ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමේ හදිසි අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

වෘත්තීය පුහුණු ආයතනවලට පිවිසීමේ මාර්ග සහ හැකියාවන් ශක්තිමත් කිරීමටත්, විවිධාංගීකරණය වූ කර්මාන්ත පදනමක් ඇතිකිරීමටත් අමාත්‍යාංශය දැඩි සැලසුම්කරණයක යෙදී සිටින බව ද පැවසූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය සහ කාර්මික හා අධ්‍යාපන පුහුණු දෙපාර්තමේන්තුව එවැනි ආයතන සඳහා නිදසුන් ලෙස පෙන්වා දුන්නේ ය.

දැනට සෑම පළාතක් ම නියෝජනය කරමින් ක්‍රියාත්මක ව පවත්නා තාක්‍ෂණ විද්‍යාල තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ද, යුනිවොටෙක් (UNIVOTEC) ඒ අතර ප්‍රමුඛ වන බව ද අමාත්‍යවරයා පැවසීය.

සාමාන්‍ය, උසස්, තෘතීයික, තාක්‍ෂණික හා වෘත්තීය අධ්‍යාපන ක්‍රම අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම ප්‍රධාන අභියෝගය බවත්, මෙම අංශයන්හි පුහුණුකරුවන් පුහුණු කිරීම සහ කුසලතා සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය පළ කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පෝෂණය සහ ඒ ආශ්‍රිත කරුණු සඳහා යුනිසෙෆ් ආයතනයට ලබාදිය හැකි දායකත්වය සම්බන්ධයෙන් ද මෙහිදී විස්තරාත්මකව සාකච්ඡා කෙරිණි. ඉදිරි මාස තුන ඇතුළත ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ අරමුණින් අමාත්‍යාංශ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයන් අතර සාකච්ඡා අඛණ්ඩ ව පවත්වාගෙන යාමට ද මෙහි දී තීරණය විය.

උසස් අධ්‍යාපනය සඳහා අ.පො.ස උසස් පෙළ සාමාර්ථ වී වරම් ලැබුව ද රාජ්‍ය විශ්වවිද්‍යාලවලට තවමත් ඇතුළු වන්නේ 30,000කට ආසන්න පිරිසක් වීම, පවතින පාඨමාලා සහ රැකියා වෙළඳ පොළ අතර සම්බන්ධයක් නොමැති වීම,සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, තෘතීය අධ්‍යාපනය මෙන් ම වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍ර අතර සම්බන්ධතා පුළුල් කිරීම, විශ්වවිද්‍යාල පාඨමාලා නවීකරණය නොවීම, පුහුණු කරවන්නන් පුහුණු කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම ආදී ගැටළු සම්බන්ධයෙන් ද මෙහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අතිරේක ලේකම් (සංවර්ධන ) තිලක් හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ (සැලසුම්) ජී.එම්.ආර්.ඩී අපොන්සු මහතා ඇතුළු පිරිසක් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) , එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ (UNDP) ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) යන ජාත්‍යන්තර ආයතනයන්හි ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධිකාරිකා වන Hanaa Singer, (UN Resident Coordinator), Takaho Fukami (UNICEF-Chief of education), Simrin Singh (Country Director-ILO), ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 4
Previous Post

19 විතරක් නෙමෙයි මුළු ව්‍යවස්ථාවම වෙනස් කල යුතුයි – ඇමැති නිමල් කියයි

Next Post

යහපාලනය සමයේ රජයේ බැංකුවල අක්‍රමිකතා දැනුම් දෙන්න – මුදල් අමාත්‍යංශය

editor

editor

Next Post

යහපාලනය සමයේ රජයේ බැංකුවල අක්‍රමිකතා දැනුම් දෙන්න - මුදල් අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved