• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් මර්දන එන්නත් දෙකම දී විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කෙරේ – සභාපති මහාචාර්ය සම්පත්

18 September 2021
in දේශීය

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා දී විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ඊයේ (17) ප්‍රකාශයක් කරමිනි.

සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව මේ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය. සෑම විශ්වවිද්‍යාලයකම අධ්‍යයන හා අනධ්‍යයන අංශයන්හි වයස අවුරුදු 30 ට වැඩි කාර්ය මණ්ඩල සඳහා එන්නත් දෙකම දී අවසන්ය. සියලුම විශ්වවිද්‍යාලයන්හි වයස අවුරුදු 30 ට අඩු අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල හා ශිෂ්‍යයින් එන්නත්කරණය සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවල ආසන්නතම සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සමග සම්බන්ධීකරණයෙන් කඩිනම් පියවර ගන්නා මෙන් සියලු විශ්වවිද්‍යාල වෙත දැනුම් දී ඇති බව මහාචාර්යවරයා කීය.

එමෙන්ම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 30 ට වැඩි හා අඩු දෙපිරිසටම එන්නත් දෙකම දී අවසන් කර තිබේ. ඉදිරි වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයින් බඳවා ගැනීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී. මේ සඳහා කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම අත්‍යවශ්‍ය බැවින් විශේෂ අවසරයක් මත මෙසේ කඩිනමින් එන්නත්කරණය සිදු කළ බව මහාචාර්යවරයා සඳහන් කළේය.

විශ්වවිද්‍යාලවල වයස අවුරුදු 30 ට අඩු කාර්ය මණ්ඩල සහ ශිෂ්‍යයින් සඳහා ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය සම්බන්ධ සුපරීක්ෂණ ක්‍රමවේදයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කරයි. මහාචාර්යවරයා ප්‍රකාශ කළේ, එම ප්‍රගතියද සැලකිල්ලට ගෙන, සෞඛ්‍ය අංශ, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා සෙසු අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල විවෘත කිරීමට අපේක්ෂිත බවයි.

විශ්වවිද්‍යාල දැනට වසා තිබුණද අදාළ සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යයන් කිසිදු බාධාවකින් තොරව නව සන්නිවේදන තාක්ෂණික ක්‍රම ඔස්සේ ක්‍රියාත්මක වන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අවධාරණය කළේය.

 

Post Views: 9
Previous Post

මත්ද්‍රව්‍ය ප්‍රවහනය කල විදේශීය ධීවර යාත්‍රාවක සැකකරුවන් 09 නාවික හමුදා භාරයට

Next Post

පාසල් ළමුන් සඳහා නිවසේ සිට NVQ සහතික ලබාදීම වැඩ පිළිවෙළක්

editor

editor

Next Post

පාසල් ළමුන් සඳහා නිවසේ සිට NVQ සහතික ලබාදීම වැඩ පිළිවෙළක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved