• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් ළමුන් සඳහා නිවසේ සිට NVQ සහතික ලබාදීම වැඩ පිළිවෙළක්

18 September 2021
in දේශීය

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට දුරස්ථ අධ්‍යාපනය මගින් වෘත්තීය දැනුම බෙදාහරිමින්, හැකියාවෙන් උගත් දරුපරපුරක් මතු ලොවට දායාද කිරීමේ අදහසින් නව වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මාලාව වෘත්තීය තාක්ෂණික ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි සැලසුම් කර තිබේ. පාඨමාලා අවසානයේ පවත්වන විභාගයකින් අනතුරුව දේශීය සහ විදේශීය වශයෙන් වෘත්තීය පිළිගැනීමක් ඇති NVQ මට්ටම දක්වා සිසුසිසුවියන් ගෙනයාම මෙම වැඩසටහන් මාලාවේ අරමුණයි.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය තාක්ෂණ ආයතන මගින් සිදුකෙරෙන විෂයමාලාවන් යටතේ මෙම පාඨමාලා පැවැත්වෙන අතර ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ විෂයන් සාර්ථකව අධ්‍යනය කර, මාර්ගගත ක්‍රමය යටතේ පවත්වන විභාගයෙන් (Online Exam) අනතුරුව මෙම සිසුසිසුවියන් NVQ මට්ටම දක්වා රැගෙනයාම සිදුවේ.

අද දෙරණ 24 (Education) නාලිකාවේ සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම මෙම වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර ඇත. තවද නුදුරේදීම අනෙකුත් රූපවාහිනි නාලිකා තුළින් ද විවිධ විෂය පාඨමාලා සිසුන් වෙත ගෙන ඒමට මේ වන විටත් සැලසුම් කර ඇත.

 

Post Views: 16
Previous Post

කොවිඩ් මර්දන එන්නත් දෙකම දී විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කෙරේ – සභාපති මහාචාර්ය සම්පත්

Next Post

මාතලේ රෝහලේ නම යොදා මුදල් එකතු කිරීම් ගැන පැමිණිල්ලක් – රෝහල් අධ්‍යක්ෂ

editor

editor

Next Post

මාතලේ රෝහලේ නම යොදා මුදල් එකතු කිරීම් ගැන පැමිණිල්ලක් - රෝහල් අධ්‍යක්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved