විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය විසින් දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘති අදියර 3ක් යටතේ සිදු කෙරෙන අතර, ඉන් සිසුන් 16,000කට නේවාසික පහසුකම් හිමි වනු ඇත.
නැගෙනහිර විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 5ක් (Model A 3ක් සහ Model B 2ක්) හරහා සිසුන් 1,600කට පහසුකම් ලැබේ. වත්මන් ප්‍රගතිය අනුව, මිලගණන් කැඳවීම් (Bids) 2026 අප්‍රේල් 30 වනදා විවෘත කර ඇති අතර, දැනට සුදුසුම ආයතනය තෝරාගැනීමේ ඇගයීම් කටයුතු සිදු කෙරේ. යාපනය විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 2ක් (Model A 1ක් සහ Model B 1ක්) හරහා සිසුන් 600කට පහසුකම් ලැබේ. 2026 අප්‍රේල් 02 වනදා මිලගණන් විවෘත කර ඇති අතර, යෝජනා ඇගයීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වේ. සබරගමුව විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 7ක් (Model A 4ක් සහ Model B 3ක්) හරහා සිසුන් 2,200කට පහසුකම් ලැබේ. 2026 මැයි 20 වනදා ටෙන්ඩර් මිලගණන් කැඳවීම සිදු කර ඇත. අග්නිදිග විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 6ක් (Model A 4ක් සහ Model B 2ක්) හරහා සිසුන් 2,000කට පහසුකම් ලැබේ. 2026 මැයි 21 වනදා ටෙන්ඩර් මිලගණන් නිල වශයෙන් විවෘත කර ඉදිරි පියවර ගනිමින් පවතී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 4ක් (Model A 2ක් සහ Model B 2ක්) හරහා සිසුන් 1,200කට පහසුකම් ලැබේ. ටෙන්ඩර් සහ නීතිමය ලියකියවිලි සකස් කිරීමේ කටයුතු සිදු කෙරේ. රජරට විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 7ක් (Model A 4ක් සහ Model B 3ක්) හරහා සිසුන් 2,200කට පහසුකම් ලැබේ. 2026 මැයි 21 වනදා මිලගණන් කැඳවීම් සාර්ථකව විවෘත කර ඇත. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 6ක් (Model A 3ක් සහ Model B 3ක්) හරහා සිසුන් 1,800කට පහසුකම් ලැබේ. 2026 මැයි 22 දින මිලගණන් කැඳවීම සිදු කර ඇත. වවුනියාව විශ්වවිද්‍යාලය ව්‍යාපෘති 4ක් (Model A 2ක් සහ Model B 2ක්) හරහා සිසුන් 1,200කට පහසුකම් ලැබේ.
















