ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බිල්ඩතෝන් (buildathon) තරගාවලියක් වන ‘NeuroX 1.0’ මෑතකදී NSBM හරිත විශ්වවිද්‍යාලයේදී සාර්ථකව පවත්වන ලදී.
පරිගණක පීඨයේ හැකතෝන් හබ් (Hackathon Hub) සංවිධානය කළ මෙම මංගල තරගාවලිය සඳහා දිවයින පුරා විශ්වවිද්‍යාල 20කට අධික ප්‍රමාණයක කණ්ඩායම් නියෝජනය කරමින් විශ්වවිද්‍යාල නව නිපැයුම්කරුවන් 300කට අධික පිරිසක් සහභාගී වූහ. කණ්ඩායම් 80කට අධික සංඛ්‍යාවක් අතරින් මූලික වටය ඇගයීම Sysco Labs විසින් සිදු කරන ලද අතර, එහිදී දක්ෂතම කණ්ඩායම් 15ක් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.
මෙහිදී සැබෑ ලෝකයේ අභියෝග සඳහා තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කරමින්, නැව් සමාගම්වල සැපයුම් දාම කළමනාකරණ තීරණ සඳහා උපදෙස් ලබා දෙන ස්වයංක්‍රීය පද්ධතියක් නිර්මාණය කළ **පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘Alt + F4’ කණ්ඩායම** ‘NeuroX 1.0’ හි ශූරතාව දිනා ගැනීමට සමත් විය. එහිදී **’Team Power’** කණ්ඩායම ප්‍රථම අනුශූරතාව ද, **’Team Binary Blitz’** කණ්ඩායම දෙවන අනුශූරතාව ද හිමිකර ගත්හ.
















