හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පෞද්ගලික මාධ්ය ආයතනයක කැමරා ශිල්පියෙකු පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ නිදහස් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එක්සත් ජාතික පක්ෂය විසින් අද (01) ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ පිළිබඳව අදහස් දක්වා ඇති අතර, ඊයේ (30) කොටුව මහේස්ත්රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පිටතට පැමිණි අවස්ථාවේදී හටගත් මෙම ගැටුම්කාරී තත්ත්වය සහ ඊට අදාළ විමර්ශන සඳහා අදාළ කැමරා ශිල්පියා කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත කැඳවා තිබේ.
















