රට තුළ පවතින ඌන උපයෝජිත රජයේ වතු ඉඩම් සහ ඒ සතු දේපළ වාණිජ ආයෝජන කටයුතු වෙනුවෙන් නිදහස් කිරීමේ ජාතික වැඩපිළිවෙළේ දෙවැනි අදියර නිල වශයෙන් ආරම්භ කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද 2025 අයවැය ප්‍රකාශයේ අඩංගු ප්‍රතිපත්තිමය තීරණයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙහි මූලික අරමුණ වන්නේ මෙතෙක් නිසි ප්‍රයෝජනයට නොගැනුණු රජයට අයත් ඉඩම් සහ දේපළ ආර්ථික වටිනාකමක් සහිත වාණිජ ව්‍යාපෘති සඳහා යොදවා රටේ ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීමයි.
මෙමඟින් නව ආයෝජන අවස්ථා උදා වීමත් සමඟ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ රැකියා උත්පාදනය ප්‍රවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි.















