• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පෞද්ගලික අංශයටත් හැට දක්වා සේවා කාලයක් – කම්කරු ඇමැති

14 October 2020
in සංවර්ධන

මෙරට පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස හැට (60) දක්වා ඉහල දැමීමට සලකා බලන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ මෙරට වැඩිහිටි ජනගහනය සීඝ්‍රයෙන් ඉහල යමින්,තරුණ ප්‍රතිශතය පහළ යන බැවින් අනාගත ශ්‍රම බලකායේ විශාල රික්තයක් ඇති විය හැකි අතර එම නිසා ලෝකයේ අනෙක් රටවල පවතින විශ්‍රාම ගැන්වීමේ වයස ඉහල දැමීම ද සලකා බැලීම හේතුවෙනි.

ඊයේ (14) කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති කම්කරු උපදේශක සභාවේ ඉදිරිපත් වූ මෙම යෝජනාවට සේව්‍ය සම්මේලනයේ සහ වෘත්තීය සමිතිවල පූර්ණ එකඟතාවය පළ කිරීම කර තිබේ.

එහි දි අදහස් දැක් වූ සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා කියා සිටියේ,මෙම තීරණය ඉතාමත් ඵලදායි එකක් බවයි.

නිදහස් සේවක සංගමයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර මහතා කියා සිටියේ,අවුරුදු 55 න් පසු අපතේ යන පරිණත සේවකයන් ගෙන් රටට තවදුරටත් සේවයක් ගැනීමට මෙම යෝජනාව ඉවහල් වන බවය.

සී.එම්.යු.නායක සිල්වෙස්ටර් ජයකොඩි මහතා පෙන්වා දුන්නේ විශ්‍රාම ගිය පසු ද එම සේවකයන්ට ද කොන්ත්‍රාත් පදනම යටතේ හෝ තවදුරටත් සේවය කරන්න ඉඩ දී ඔවුන්ගේ පළපුරුද්දෙන් හා දැනුමින් රටට වැඩ ගත යුතු බවය.

මේ පිළිබඳ අවසන් තීරණය මීලඟ කම්කරු උපදේශක සභාවේ දි ප්‍රකාශයට පත් කරන බව ද ඉන්පසු ඊට අදාල නෛතික ප්‍රතිපාදන සකස් කරන බව අමාත්‍යවරයා මෙහි දි ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ,කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර සහ වෘත්තීය සමිති නියෝජිතයෝ ද එක් වූහ.

Post Views: 5
Previous Post

කාමරයක් තුළ කාන්තාවක්ගේ ගෙල කපා මරුට

Next Post

දිවුලපිටිය කොරෝනා පොකුර 1721 දක්වා ඉහළට

editor

editor

Next Post

දිවුලපිටිය කොරෝනා පොකුර 1721 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved