27 April 2024
#දේශීය

මෙරට කොරෝනා රෝගීන් 804 දක්වා ඉහලට – මාස 13 ක දරුවෙකු ආසාදිතයෙකු වේ

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 804ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද දිනයේදී අලුතින් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනීම සිදු වු අතර එම ආසාදිතයන්ගෙන් 6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා වෛරස් ආසාදිත නාවික හමුදා යුවළකගේ මාස 13ක් වයසැති බිළිඳාට ද එම වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ එම යුවළගේ වැඩිමහල් දරුවා ද ඊයේ දිනයේ කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලෙසට හඳුනාගත් බවයි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 563 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ප්‍රතිකාරවලින් අනතුරුව පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 232කි.

මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 9ක් ද වාර්තාවිය.

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *