27 April 2024
#දේශීය

ඉදිරියේදී රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ දේශීය නිෂ්පාදකයන්ගෙන් පමණයි – ජනපති

රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේ දී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට උපදෙස් දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය එහි අරමුණ බව බත්තරමුල්ල තලවතුගොඩ ජන හමුවකදී මොරටුව ලී බඩු නිෂ්පාදකයන් පිරිසක් ඉදිරිපත් කළ ගැටළුවකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේ .

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අද (28) කොළඹ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී.

අනවසර පදිංචිකරුවන්ගේ දුක්ගැනවිලි එහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණ. බන්ධනාගාර රැඳවියන් නඩත්තුවට රජයෙන් වියදම් නොකර ඔවුන් ආර්ථික උත්පාදන ව්‍යාපෘති සදහා යොදවා වියදම් පියවා ගැනීමට ජනතාව ජනාධිපතිවරයා වෙත යෝජනා කළහ.

මත්ද්‍රව්‍යවලින් අනාගත පරපුර බේරා දෙන ලෙස එහිදී ද ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *