‘දිට්වා’ (Ditwa) සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම වසර අවසන් වීමට පෙර සම්පූර්ණයෙන් නිම කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතා අදාළ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය. එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට සිදුව ඇති සමස්ත හානිය අමෙරිකානු ඩොලර් මිලියන 300ක් ලෙස තක්සේරු කර ඇති බවයි.
දෙසැම්බර් මාසයට පෙර මෙම ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර නැවත දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.















