27 April 2024
#දේශීය

යුධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වැඩිදියුණු කරනවා – රාජ්‍ය ඇමැති ප්‍රමිත

යුද හමුදා යුධෝපකරණ කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීමටත්, නව පතොරම් වර්ග නිෂ්පාදනය කිරීමටත් සැලසුම් කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.

යුද හමුදා තාක්‍ෂණය සහ තාක්‍ෂණික ප්‍රවීණතාවයන් සමඟින් හමුදා අවශ්‍යතා සැලකිය යුතු ප්‍රමාණයක් දේශීයව යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදනය කරමින් රටට වටිනා විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට යුද හමුදාව විසින් දක්වන ඉහල කාර්යභාරය හෙතෙම අගය කළේය.

යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජීඒ මුණසිංහ, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේඑම්ඒඩබ්ලිව්කේ පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *