මානුෂීය ආධාරක ද්‍රව්‍ය සහ සම්බාධක පනවා නොමැති ඇමෙරිකානු නිෂ්පාදන මිලදී ගැනීම සඳහා කටාර් රාජ්‍යයේ රඳවා තිබූ ඉරානයට අයත් ඩොලර් බිලියන 6ක ශීත කළ තෙල් ආදායම් මුදල් භාවිත කිරීමට ඉරානයට අවසර හිමිව තිබේ. කෙසේ වෙතත්, මෙම මුදල් සියල්ල එකවර නිදහස් නොකර අදියරෙන් අදියර (Phasing) නිදහස් කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත්තේ සාකච්ඡා වටය පුරා ඉරානයේ ක්‍රියාකලාපය පාලනය කිරීමේ උපායමාර්ගික මෙවලමක් ලෙසය. මෙය ඉරානයට දුන් ත්‍යාගයකට වඩා, වොෂින්ටනය විසින් ඉතා සමීපව නිරීක්ෂණය කරමින්, ඉරානය එකඟතා කඩකරන ඕනෑම මොහොතක වසා දැමිය හැකි පරිදි සකස් කළ ‘මීටර් කළ කරාමයක්’ (Metered tap) බඳු ක්‍රියාවලියකි.
මෙම පියවර හරහා ඇමෙරිකාව බලාපොරොත්තු වන්නේ පියවරෙන් පියවර විශ්වාසය ගොඩනැඟීම, පියවරෙන් පියවර මුදල් නිදහස් කිරීම සහ එමඟින් ඇතිවිය හැකි අවදානම අවම කරගැනීමයි. මෙම දැඩි මූල්‍ය කොන්දේසි හමුවේ ඉරානය කටයුතු කරන ආකාරය අනුව ඉදිරි සාම සාකච්ඡාවල ප්‍රගතිය තීරණය වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















