ඇමරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහය යටතේ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර නවතම සාකච්ඡා මාලාවක් අඟහරුවාදා (අගෝස්තු 4) ඉතාලියේ රෝම නුවරදී ආරම්භ වී ඇති බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ටොමී පිගට් (Tommy Pigott) පවසයි. මෙම සාකච්ඡා ඉදිරි බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
දෙරටටම ස්ථිර ආරක්‍ෂාවක් තහවුරු කිරීම, ඊශ්‍රායලයට එල්ල වන ආරක්‍ෂක තර්ජන ඉවත් කිරීම සහ ලෙබනනයේ දකුණු ප්‍රදේශය පුරා රාජ්‍ය බලය යළි තහවුරු කිරීම සඳහා මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට දෙරටේ රජයන්ට සහයෝගය දැක්වීමට ඇමරිකාව පූර්ණ ලෙස කැපවී සිටින බව පිගට් X (පෙර Twitter) සමාජ ජාලයේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














