ඉරාන බලශක්ති නිෂ්පාදන, තෙල් සහ ගෑස් අලෙවිය ඉලක්ක කරගනිමින් පනවා ඇති සම්බාධක උල්ලංඝනය කරමින් “බිලියන ගණනක් වටිනා” ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඉරාන “සෙවනැලි බලඇණියට” (Shadow Fleet) අයත් නෞකාවක් අරාබි මුහුදේදී අත්අඩංගුවට ගත් බව ඇමෙරිකානු මධ්‍යම අණසක (Centcom) නිවේදනය කරයි. ‘M/V Sevan’ නම් මෙම නෞකාව ඇමෙරිකානු නාවික හමුදා හෙලිකොප්ටරයක් මගින් වටලනු ලැබූ අතර, දැනට එය ඇමෙරිකානු ආරක්ෂාව යටතේ නැවත ඉරානය දෙසට හරවා යැවීමට පියවර ගෙන තිබේ.
මෙම නෞකාව ඊයේ දිනයේදී ඇමෙරිකානු මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් සම්බාධක පැනවූ “සෙවනැලි බලඇණියේ” නෞකා 19 අතරින් එකක් බව ද වාර්තා වේ. ඉරාන වෙරළ තීරයට පැමිණෙන හෝ පිටවන නෞකා අවහිර කරන බවට මීට පෙර කළ ප්‍රකාශයට අනුව ඇමෙරිකානු හමුදා දැනටමත් ඉරාන වරායන් සම්පූර්ණයෙන් වටලමින් (Blockade) මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම හමුවේ ඉරානයේ ආර්ථික ශක්තිය දුර්වල කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.














