ඇමරිකාව තුළ මේ දිනවල පැතිර යමින් පවතින ආහාර මගින් බෝවන ‘සයික්ලොස්පෝරා’ (Cyclospora) රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ධවල මන්දිරය සිය දැඩි අවධානය යොමු කර තිබේ. රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහායක් රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) වෙත ලබා දීමට පියවර ගන්නා බව ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් මහත්මිය ප්‍රකාශ කළාය.
සාමාන්‍යයෙන් සෑම වසරකම මෙවැනි රෝගී අවස්ථා වාර්තා වුවද, මෙවර රෝගීන්ගේ සංඛ්‍යාව සාමාන්‍යයට වඩා ඉහළ ගොස් ඇති බව ඇය පෙන්වා දුන්නාය. එබැවින්, රෝගය බෝවන මූලාශ්‍රය සොයා ගැනීමට සහ රෝගය හඳුනාගැනීමේ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීමට ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරිය (FDA) ඇතුළු අනෙකුත් ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














