ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් සිය කෘත්‍රිම බුද්ධි (AI) යටිතල පහසුකම් පුළුල් කිරීමත් සමඟ, ඇමෙරිකාවේ දත්ත මධ්‍යස්ථාන ආශ්‍රිත රැකියා සඳහා පවතින ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් මෑතකදී රැකියා අහිමි වූ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කාර්යාල සේවකයින් බොහෝමයක් සිය වෘත්තීය මාවත වෙනස් කරමින් මෙම ක්ෂේත්‍රයට යොමු වෙමින් පවතින බව වාර්තා වේ.
දත්ත මධ්‍යස්ථාන ආශ්‍රිත රැකියා ඇබෑර්තු ප්‍රමාණය 2023 සිට 2025 දක්වා වූ කාලය තුළ 64%කින් ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන්ම දත්ත මධ්‍යස්ථාන තුළ උපකරණ සවි කිරීම සහ නඩත්තු කිරීම වැනි තාක්ෂණික භූමිකාවන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. ආරම්භක මට්ටමේ (Entry-level) සේවකයෙකුට වසරකට ඩොලර් 45,000ත් 65,000ත් අතර වැටුපක් ලබාගත හැකි නමුත්, මාස 18ත් 24ත් අතර කාලයකදී එය ඩොලර් 80,000 සිට 100,000 දක්වා ඉහළ නංවා ගැනීමට අවස්ථාව පවතී.
දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ඉහළ පුහුණුව ලත් විදුලි කාර්මිකයින් (Licensed Electricians) වසරකට ඩොලර් 100,000කට වඩා පහසුවෙන් උපයන අතර, දියර සිසිලන (Liquid cooling) හෝ ෆයිබර් ඔප්ටික් වැනි විශේෂිත තාක්ෂණික දැනුම සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට වසරකට ඩොලර් 200,000ත් 300,000ත් අතර ඉහළ වැටුපක් කරා ළඟා විය හැකිය. කෙසේ වෙතත්, මෙම ක්ෂේත්‍රයේ සේවය කිරීමේදී රාත්‍රී සේවා මුරයන් (Night shifts) ඇතුළු මාරුවෙන් මාරුවට වැඩ කිරීමේ කොන්දේසිවලට එකඟ වීම අනිවාර්ය වේ.
සාම්ප්‍රදායික කාර්යාල රැකියාවලින් බැහැරව මෙවැනි ප්‍රායෝගික තාක්ෂණික ක්ෂේත්‍රයන් කරා යොමු වීම අනාගතයේදී ස්ථාවර වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගැනීමට හොඳ මාවතක් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.














