ඇමරිකානු විශ්වවිද්යාලවල ක්රියාත්මක වන චීන අරමුදල් ලබන සංස්කෘතික මධ්යස්ථාන වන කොන්ෆියුෂියස් ආයතන (Confucius Institutes) ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස නම් කර ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්රකාශ කර තිබේ.
ඔක්තෝබර් 23 වැනිදා සමාජ මාධ්ය ඔස්සේ නිකුත් කළ වීඩියෝවකදී ඔහු චෝදනා කළේ, විවිධ නම් සහ නීතිමය ව්යුහ යටතේ විශ්වවිද්යාල 30ක සංවිධාන 80ක් පමණ යළි ක්රියාත්මක වී ඇති බවයි. බුද්ධිමය දේපළ සොරකම් කිරීම සහ ඇමරිකානු සිසුන්ට බලපෑම් කිරීම ඒවායේ අරමුණු බව ද ඔහු පැවසීය.
පසුගිය මාස දෙක තුළ එම සංවිධාන සියල්ල ක්රමානුකූලව විසුරුවා හැරීමට පියවර ගත් බව ද හෙග්සෙත් සඳහන් කර ඇත. කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීනව තහවුරු කළ සාක්ෂි Reuters වාර්තාවේ ඉදිරිපත් කර නොමැත.
චීන රජයේ බලපෑම් සහ ප්රචාරක කටයුතු සඳහා කොන්ෆියුෂියස් ආයතන භාවිත කරන බවට වොෂින්ටනය මීට පෙර ද චෝදනා කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් විමසූ අවස්ථාවේදී වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය වහාම ප්රතිචාර දක්වා නොතිබූ බව Reuters වාර්තා කරයි.
















