ඕමාන් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා වටයකට සමගාමීව, හෝමුස් සමුද්‍ර සන්ධිය අඛණ්ඩව විවෘතව පවතින බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන ලෙස අමෙරිකාව ඉරානයෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ඉල්ලීමට අමතරව, ජාත්‍යන්තර වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම හෝ වෙඩි තැබීම වහාම නවත්වන ලෙසට ද අමෙරිකාව ඉරානයට දැඩිව පවසා ඇත.
කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින මෙම උණුසුම් තත්ත්වය මැද, මෑතකදී නෞකාවලට සිදුවූ වෙඩි තැබීම් අත්වැරදීමකින් සිදුවූ බව ඉරාන ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව නිර්නාමික නිලධාරීන් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත්, අදාළ ප්‍රහාරවල වගකීම ඉරානය විසින් එරට ක්‍රියාත්මක වන කැරලිකාර කණ්ඩායමක් වෙත පවරා ඇති බව ද වාර්තා වේ.
















