හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා “අර්ථවත් නාවික ගමනාගමනයක්” ආරම්භ වන තෙක් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇති බවත්, ඇතැම් විට තවදුරටත් මිල ඉහළ යා හැකි බවත් අමෙරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් පවසයි. වොෂින්ටන් නුවර පැවති ආර්ථික සමුළුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඉදිරි සති කිහිපය තුළ තෙල් මිල එහි උපරිම මට්ටමට ළඟා වනු ඇති බවයි.
කලාපීය ගැටුම් අවසන් වී බලශක්ති ප්‍රවාහය යළි යථා තත්ත්වයට පත් වූ පසු මිල පහත වැටීම ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කළ හැකි වුවද, ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. ගැටුම් පවතින කාලය දීර්ඝ වන තරමට, වෙළඳපොළ යථා තත්ත්වයට පත්වීමට ගතවන කාලය ද වැඩි වනු ඇති බව බලශක්ති ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














