2019 වසරේ අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අතිරේක හෝ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බව අමෙරිකානු රජය නිල වශයෙන් දැනුම් දී තිබේ.
අමෙරිකානු රජය විසින් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා වෙත යොමු කළ විද්‍යුත් ලිපියක මේ බව සඳහන් වේ. එම ලිපිය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නව හෝ අතිරේක ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට තම රටට හැකියාවක් නොමැති බවයි.
පසුගිය කාලසීමාව තුළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණයක් සිදුකරන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත්ව තිබූ අතර, අමෙරිකානු රජයේ මෙම ස්ථාවරය ප්‍රකාශයට පත් වූයේ එම තත්ත්වය මධ්‍යයේය.
















