27 April 2024
#සංවර්ධන

මෙරට අධ්‍යාපන පද්ධතිය සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු රජය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව ඇමරිකානු තානාපති Alaina B. Teplitz මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවක දී අනාවරණය විය.

එහි දී ඇමරිකානු තානාපති Alaina B. Teplitz මහත්මිය පැවසූයේ, මෙරට පාසල් පද්ධතිය තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය නඟාසිටුවීම සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NITA) පුහුණුව ලබන සිසුන් වෙත ඉංග්‍රීසි අධ්‍යාපන පාඨමාලා සැලසුම් කර ක්‍රියාවට නැංවීමට ඇමරිකානු තානාපති කාර්යාලයේ සහාය ලබාදිය හැකි බවයි.

එමෙන්ම නව රජය විසින් අධ්‍යාපන පද්ධතිය තුළ ඉදිරියේ දී සිදුකරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයන් වෙනුවෙන් ඇමරිකාවේ පූර්ණ සහයෝගය ලබාදිය හැකි බව ද, සහාය අවශ්‍ය කරන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තොරතුරු ඒ සඳහා ලබා දෙන මෙන් ද මෙහිදී තානාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *