එක්සත් ජනපදයේ (US) බහුතරයක් විදේශීය වෘත්තිකයන් පිරිසක් එරට රැකියා සඳහා භාවිත කරන සුවිශේෂී H-1B වීසා වැඩසටහන සඳහා ලැබෙන අයදුම්පත් සංඛ්‍යාව මෙම වසරේදී 38.5% ක අතිදැවැන්ත ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඇමෙරිකානු ප්‍රජාත්වරණ සහ ආගමන සේවා ආයතනය (USCIS) නිකුත් කළ නවතම දත්තවලට අනුව, පසුගිය වසරේ 343,981 ක් ලෙස වාර්තා වූ නිල අයදුම්පත් සංඛ්‍යාව මෙම වසරේදී (2027 මුදල් වර්ෂය සඳහා) 211,600 දක්වා ලක්ෂ ගණනකින් පහත වැටී ඇත. ට්‍රම්ප් පරිපාලනය විසින් ක්‍රියාත්මක කරන ලද “ඇමරිකාව ප්‍රථමයා” (America First) ප්‍රතිපත්තිය යටතේ රැකියා වීසා පද්ධතිය අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා ගෙන ආ දැඩි සංශෝධන මීට ප්‍රධානතම හේතුව වී තිබේ.
විශේෂයෙන්ම මෙතෙක් පැවැති සාමාන්‍ය කුසලපත් ඇදීමේ ක්‍රමය (Random Lottery) වෙනුවට, වැඩිම වැටුප් ලබන සහ ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත වෘත්තිකයන්ට ප්‍රමුඛතාවය දීමේ නව ක්‍රමවේදයක් (Wage-Based Selection) හඳුන්වා දීමට පියවර ගෙන ඇත. මීට අමතරව ඇමෙරිකාවෙන් බැහැරව සිටින අයදුම්කරුවන් සඳහා ඩොලර් 100,000 ක දැවැන්ත වීසා ගාස්තුවක් පැනවීම සහ ව්‍යාජ ලෙස ආයතන කිහිපයකින් එකම පුද්ගලයා වෙනුවෙන් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ වංචනික ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම තහනම් කිරීම ද මෙම පහත වැටීමට බලපා තිබේ. මෙවර තේරී පත් වූවන්ගෙන් 71.5% ක්ම ඇමෙරිකානු විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි (Master’s Degree) හෝ ඊට ඉහළ සුදුසුකම් ලැබූවන් වන අතර, අඩු වැටුප් ලබන ශ්‍රමිකයන් සඳහා මෙමඟින් දොරටු වැසී යන බව USCIS ආයතනය පවසයි. මෙම දැඩි නීතිරීති හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු ආසියානු කලාපීය තරුණ වෘත්තිකයන් බලාපොරොත්තු වූ “ඇමරිකානු සිහිනයට” දැඩි බාධාවක් එල්ල වී ඇති බව විදේශීය මාධ්‍ය පෙන්වා දෙයි.
















