ඇමෙරිකානු මෝටර් රථ, මධ්‍යසාර සහ කිරි නිෂ්පාදන සඳහා කැනඩාව විසින් “තෝරා බේරාගත් අසාධාරණ සැලකිල්ලක්” දක්වන බවට චෝදනා කරමින්, කැනේඩියානු නිෂ්පාදන රැසකට 50%ක නව ආනයන බද්දක් පැනවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 1930 තීරුබදු පනතේ 338 වගන්තිය යටතේ ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම බදු පැනවීමට අදාළ ප්‍රකාශන තුනකට අත්සන් තබා ඇත. මෙම නව බදු පැනවීමට වයින්, හොකී පිතිවල සිට සිමෙන්ති දක්වා වූ කැනේඩියානු නිෂ්පාදන රැසක් ඇතුළත් වන බව තෙදුරු භවන (White House) සඳහන් කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















