අමෙරිකාව විසින් ක්‍රියාත්මක කරන ‘ඔපරේෂන් ඉකොනොමික් ෆියුරි’ (Operation Economic Fury) නම් ආර්ථික මර්දන මෙහෙයුම හේතුවෙන් ඉරානය මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව අමෙරිකාව ප්‍රකාශ කරයි. අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් (Scott Bessent) පවසන පරිදි මෙම මෙහෙයුම හරහා ඉරානය සතු ඩොලර් මිලියන 500කට ආසන්න ක්‍රිප්ටෝ වත්කම් (Crypto Assets) අත්පත් කර ගැනීමට ඔවුන් සමත්ව ඇත.
කෙසේ වෙතත් ඉරාන රජය අමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගය සමච්චලයට ලක් කරමින් ප්‍රතිචාර දක්වා තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ අමෙරිකාවේ මෙම ආර්ථික මර්දන ක්‍රියාවලිය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමට ඉඩ ඇති බවයි.














