අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම් නිමා කරමින් සාමය උදාකර ගැනීමේ ගිවිසුමක අවසන් අදියරට දෙරටම පැමිණ ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි ප්‍රකාශ කරයි.
මෙම සාම ගිවිසුම ඔස්සේ, ලෝක බලශක්ති සැපයුමේ අතිශය තීරණාත්මක කලාපයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම කෙරෙහි ඉරානයේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් අමෙරිකාව වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ඉරානය වෙත ලබා දීමට නියමිත ආර්ථික සහන, ගිවිසුමේ සඳහන් කරුණු ඉරානය විසින් කොපමණ දුරට තෘප්තිමත් කරන්නේද යන්න මත රඳා පවතින බවයි. දෙරට අතර ඇතිවීමට නියමිත මෙම එකඟතාවය කලාපීය සහ ගෝලීය දේශපාලන ස්ථාවරත්වයට මෙන්ම ආර්ථිකයට ද දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.
















