ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් නතර කිරීමේ අරමුණින් සකස් කෙරෙන විශේෂ අවබෝධතා ගිවිසුමක් එළඹෙන ඉරිදා දිනයේදී අත්සන් කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම ඓතිහාසික ගිවිසුම අත්සන් තැබීම සඳහා සුදුසුම ස්ථානය ලෙස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර තෝරාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම ගිවිසුමට අදාළ ලියකියවිලි සකස් කිරීමේ කටයුතු තවමත් අවසන් අදියරේ පවතින අතර, සිය කොන්දේසියක් සම්බන්ධයෙන් ඉරානය තවදුරටත් දැඩි ස්ථාවරයක සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. එනම්, මෙම ගිවිසුම මගින් ලෙබනනයේ පවතින යුද තත්ත්වයද සම්පූර්ණයෙන්ම අවසන් විය යුතු බවට ඉරානය අවධාරණය කර සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
















