ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතා දේශපාලන ප්‍රචාරණ කටයුතු ආරම්භ කරමින් රට වටා යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෘජු ප්‍රතිචාරයක් දක්වා තිබේ.
එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ නාමල් රාජපක්ෂ මහතා එලෙස රට වටේ යාම පිළිබඳව තමන්ට ගැටලුවක් නොමැති බවයි. කෙසේ වෙතත්, ඔහුට එරෙහිව අධිකරණයේ නඩු විභාග වන දිනවලදී මඟ නොහැර නඩුවලට පෙනී සිටීමට වගබලා ගන්නා ලෙසත්, ඉන් බාහිරව ඉතිරි දිනවලදී කැමති පරිදි එම ප්‍රචාරණ කටයුතු සඳහා රට වටා යන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී උපහාසාත්මක ස්වරූපයෙන් අවධාරණය කළේය.
















