ඇමෙරිකාවේ noncitizen voting අපරාධයක් බවට පත් කරන 1996 ෆෙඩරල් නීතිය ව්යවස්ථා විරෝධී බව තීරණය කරමින් Miami හි U.S. District Judge David Leibowitz, Chelsea Cox සම්බන්ධ ෆෙඩරල් අපරාධ නඩුවක් ඉවත දමා තිබේ. ජැමෙයිකානු ජාතිකයෙකු වන Cox, 2020 මැතිවරණයේදී නීතිවිරෝධී ලෙස ඡන්දය භාවිත කළ බවට චෝදනා ලැබ සිටියාය.
කෙසේ වෙතත්, මෙම තීන්දුව Coxගේ නඩුවට පමණක් අදාළ වන අතර අනෙකුත් නඩුවල විනිසුරුවන්ට එය බැඳීමක් නොමැත. Reuters වාර්තා කරන පරිදි, 1996 නීතිය ව්යවස්ථාව උල්ලංඝනය කරන බවට ෆෙඩරල් අධිකරණයකින් තීන්දුවක් ලැබුණු පළමු අවස්ථාව මෙය විය හැකි අතර, එය සමාන නඩුවලට බලපෑමක් ඇති කළ හැකිය.
Cox වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් තර්ක කර ඇත්තේ ඇමෙරිකානු ව්යවස්ථාව අනුව ඡන්දදායක සුදුසුකම් තීරණය කිරීමේ බලය ප්රාන්ත සතු බවත්, එවැනි ඡන්ද නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ෆෙඩරල් රජයට නඩු පැවරීමේ බලය නොමැති බවත්ය. ෆෙඩරල් රජය මෙම නීතියේ ව්යවස්ථානුකූලභාවය වෙනුවෙන් වෙනත් තර්ක ඉදිරිපත් කර තිබේ.
















