දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් හේතුවෙන් ඇමරිකාව විසින් වොෂින්ටන් නුවර සිටින බ්‍රසීල තානාපතිවරයාගේ වීසා බලපත්‍රය අහෝසි කර තිබේ.
ප්‍රතිපත්තිමය වශයෙන් දෙරට අතර උද්ගත වී ඇති මෙම මතභේදයට මුල් වී ඇත්තේ ට්‍රම්ප් පරිපාලනය විසින් බ්‍රසීලයේ බ්‍රැසිලියා අගනුවර සඳහා නම් කරන ලද නව තානාපතිවරයාට බ්‍රසීල රජය විසින් මෙතෙක් විධිමත් අනුමැතිය ලබා නොදීම සහ ඇමරිකානු නියෝජිතයන් කිහිප දෙනෙකුට එරටට ඇතුළුවීම සඳහා වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.
බ්‍රසීල රජය විසින් ගත් එම පියවරට ප්‍රතිචාරයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, බ්‍රසීල රජය විසින් අදාළ තත්ත්වය විසඳා ගනිමින් ඇමරිකානු තානාපතිවරයා පිළිගැනීමට කටයුතු කළහොත් අහෝසි කරන ලද තානාපතිවරයාගේ වීසා බලපත්‍රය යළි ලබා දීමට සූදානම් බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















