කෘතිම බුද්ධිය (AI) මඟින් ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය ආයුධ (Autonomous Weapons) භාවිතය පාලනය කිරීම සහ නියාමනය කිරීම සඳහා වන ජාත්‍යන්තර සම්මුතියකට එළඹීමට ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සාකච්ඡා වටයට ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව විසින් දැඩි විරෝධයක් එල්ල කර තිබේ.
එක්සත් ජාතීන්ගේ නිශ්චිත සම්ප්‍රදායික ආයුධ පිළිබඳ සම්මුතියට (CCW) අයත් රටවල් 128ක නියෝජිතයන් ස්වයංක්‍රීය මාරාන්තික ආයුධ පද්ධති (LAWS) සඳහා නීතිමය රාමුවක් සකස් කිරීමට මෙසේ රැස්ව සිටිති. යුක්‍රේනය, සුඩානය සහ මැදපෙරදිග යුද කලාපවල මිනිස් පාලනයකින් තොරව ඉලක්ක වෙත පහරදෙන ආයුධ භාවිතය ඉහළ යාම හමුවේ බ්‍රසීලය, අයර්ලන්තය සහ අප්‍රිකානු රටවල් රැසක් නීතිමය වශයෙන් බැඳී සිටින ජාත්‍යන්තර තහනමක් ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, දැනට පවතින ජාත්‍යන්තර මානුෂීය නීති ප්‍රමාණවත් බව පවසමින් ඇමෙරිකාව, රුසියාව, ඉන්දියාව සහ තුර්කිය යන රටවල් ඊට එරෙහිව වෙනස්කම් යෝජනා කර ඇති අතර, ඒ හේතුවෙන් ජාත්‍යන්තර එකඟතාවයකට පැමිණීමේ අවස්ථාව ගිලිහී යාමේ අවදානමක් මතුව ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















